කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන 16, රු.මිලියන 2,560) අතිරේක ණය මුදලක් ලබාදීමට එකඟ වී තිබේ.
දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූ විද්‍යාත්මක තත්වයන් ඇතුළු විවිධ හේතූන් මත ඉහළ ගොස් ඇති බැවින් එහි හිඟයෙන් කොටසක් මූල්‍යනය කිරීමට මෙම අතිරේක ණය මුදල ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මීට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග සහ සංවර්ධනය සඳහාවන සෞදි අරමුදලෙහි නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්යක්ෂ යූසුෆ් ඉබ්රහීම් අල් අබිදුල් රහමාන් අල් බසාම් යන මහත්වරුන් විසින් අත්සන් කරන ලදී.