තිරසර සමූපකාර බැංකු ක්‍රමය යටතේ උතුරු පළාතේ පොදු ජනයාගේ ආර්ථිකය නංවනු වස් කයිතඩි ප්‍රදේශයේ ඉදිකෙරුණු උතුරු සමූපකාර සංවර්ධන බැංකු මූලස්ථානය අද (30දා) පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කර තිබේ.
විශේෂයෙන්ම, ස්වයං රැකියා සඳහා ණය ලබාදීම සංකේතවත් කිරීමක්ද මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා අතින් සිදුව ඇත.
අක්‍රීයව පැවති සමිති සඳහා සක්‍රීය ණය වශයෙන් රුපියල් මිලියන 41ක මුදලකට අදාළ ලියවිලි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර, ජනාධිපතිවරයා විසින් එය සමූපකාර සංවර්ධන බැංකුවේ සභාපති ආචාර්ය අහිලන් කදිරගාමර් මහතා වෙත භාරදීමද මෙහිදී සිදුව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන පිරිසත්, පළාතේ මහජන නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.



