ඉ-චැනලින් පීඑල්සී හි සභාපති ධුරයෙන් පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා ඉල්ලා අස් වී තිබේ.
එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත මේ බව දැනුම් දෙමින් පවසන්නේ මෙම ඉල්ලා අස්වීම 2020 ජනවාරි 22 වැනි දින සිට බලපැවැත්වෙන බවයි.
මොබිටෙල් (පුද්) සමාගම ඉ-චැනලින් පීඑල්සී හි ප්රධාන කොටස්කරුවා වන අතර, ඉ-චැනලින් හි 87.59%ක කොටස් හිමිකාරීත්වය මොබිටෙල් සතුව පවතී. මොබිටෙල් යනු ශ්රී ලංකා ටෙලිකොම් හි පූර්ණ අනුබද්ධ සමාගමකි.
ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී සභාපති ලෙස කටයුතු කළ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා පසුගිය ජනවාරි 06 වැනි දින සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, එහි නව සභාපතිවරයා වශයෙන් රොහාන් ප්රනාන්දු මහතා පත්වීම් ලැබීය.