ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය අර්බුදයෙන් මිදීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය දක්වන ප්රයත්නයට එක්වීම සඳහා ශ්‍රී ලංකාවේ විශාල ණය හිමියෙකු ලෙස චීනයද සාදරයෙන් පිළිගන්නා බව ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.
එසේම, ණය අවදානම්වලට මුහුණදෙන රටවල් සඳහා සහන ක්‍රියාමාර්ග වේගවත් කරන ලෙසද ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) සහ ලෝක බැංකුවෙන්ද ඉල්ලීමක් කර තිබුණේ ඉන්දීය ජපන් සංසදයේ සාකච්ඡාවකට එක්වෙමිනි.
"සංචාරක ව්‍යාපාරයට සහ තේ අපනයනයට පමණක් සීමා වී ඇති විපතට පත් ශ්‍රී ලංකාව පිළිබඳ උදාහරණය අපට තිබෙනවා. ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් රාමුවෙන් පිටත වුවද ඉක්මන් ප්‍රතිකර්මයක් අවශ්‍ය වෙනවා."අමාත්‍යවරිය සඳහන් කළාය.
G7 සභාපති ධුරය දරන ජපානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට ඉක්මනින් පෙරමුණ ගත් බව ඇය පෙන්වා දුන්නාය. "ජපානය විසින් ප්‍රංශය සහ ඉන්දියාව සමග එක්ව ණය හිමියන්ගේ කණ්ඩායමේ කඩිනම් කමිටුවක් සමග ගැටලුව විසඳීමට පෙරමුණ ගත්තා. මෙය විවෘත සංසදයක් නිසා රටවල් තුනකට පමණක් සීමා විය යුතු නැහැ. විශාල ණය හිමියෙකු වශයෙන් මේ වෙත චීනයද සාදරයෙන් පිළිගන්නවා." යැයි සීතාරාමන් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.