පවතින තත්ත්වය තුළ කූඨ ආකාරයට අලෙවිය සඳහා සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000කට ආසන්න තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය භාරයට ගෙන තිබේ.
ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද එම මුඛ ආවරණ තොගය පිටකොටුව ප්‍රදේශයේ මෙසේ සිය භාරයට ගත් බව එම අධිකාරිය පවසයි.
පෙර දිනයේ ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක මුඛ ආවරණ 26,000ක් සහ අද දිනයේදී තවත් ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 6,400ක් මෙසේ සොයා ගැනීමට හැකි වී ඇත.
ඒවායෙහි ආනයනකරුගේ නමක් හෝ මුහුණු ආවරණයක අඩංගු විය යුතු අමුද්‍රව්‍ය ඇතුළත්ව නොතිබූ බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එසේම මේ වනවිටත් ප්‍රමිතියෙන් තොර මුහුණු ආවරණ අලෙවිය සඳහා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බැවින්, ඒවා මිලදී ගැනීමෙන් වළකින ලෙස එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.