ත්‍රස්ත ප්‍රහාර හේතුව සංචාරක කර්මාන්තයට පමණක් නොව සමස්ත ආර්ථිකයකටම බලපෑමක් එල්ල කළත්, ඉදිරි මාස කිහිපය තුළ මෙම තත්ත්වයෙන් ඉදිරියට ඒමට හැකිබව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පවසයි.
විදෙස් රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවැනි ත්‍රස්ත ප්‍රහාර ලොව තවත් සංචාරක පුරවරයන්හි සිදුවුවත්, ඒවායෙන් ඉක්මණින් පෙරට පැමිණීමට එම රටවල් ක්‍රියාකළා සේ ශ්‍රී ලංකාවද මෙය ජයගන්නා බවයි.
එමෙන්ම, ප්‍රහාරයෙන් පසුවත් තවමත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සංචාරකයන් පැමිණෙමින් සිටින බවත්, ඒ අතර ව්‍යාපාරිකයන් සහ සංචාරයන් සඳහා පැමිණෙන පිරිස්ද සිටින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
මේ අතර, කිෂූ ගෝමස් මහතාද පවසා තිබුණේ මෙම ප්‍රහාරය හේතුවෙන් ඇ.ඩො.බිලියන 1.5ක පමණ පාඩුවක් ආර්ථිකයට ඇතිකළ හැකි බවයි.