Moneta විසින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන Achievers Lanka Business School සමග එක්ව, 'Study Now, Pay Later' විසඳුම හඳුන්වාදී තිබේ.
ඒ අනුව, Fintech Hive පුද්ගලික සමාගමේ Moneta සන්නාමය යටතේ වූ මොබයිල් ඇප් එක හරහා සිසු සිසුවියන්ට තම වෘත්තීය අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය සහාය ලබාගත හැකි අතර, වාරික 4කින් පොලී රහිතව එම මුදල ආපසු ගෙවීමට අවස්ථාව හිමිවන බව ඔවුන් කියයි.
එහිදී, CIM, CIMA සහ ACCA වැනි සුදුසුකම් හිමිකර ගැනීම සඳහා සිසු සිසුවියන්ට අවස්ථාව උදාවන අතර, මෙම සේවාව සඳහා කෘත්‍රිම බුද්ධිය ඇතුළුව අතිනවීන ඩිජිටල් තාක්ෂණයන් භාවිත වන නිසා, දීර්ඝ ලිපිලේඛන කටයුතු හෝ පෝලිම්වලින් තොරව, විනාඩි 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත මූල්‍ය සේවා ඉල්ලීම් සම්බන්ධ කටයුතු සම්පූර්ණ කළ හැකි බව කියයි. Google Play සහ App Store මෙම යෙදවුම ඩවුන්ලෝඩ් කරගත හැකිය.
මෙය හඳුන්වාදීමේ අවස්ථාවට Achievers Lanka Business School හි සභාපති අසාද් හයි, කළමනාකරු (අධ්‍යයන කටයුතු සහ මෙහෙයුම්) අමර් අවුෆර්, ව්‍යාපාර ප්‍රධානී අනූෂන් සදානන්දසර්මා, කළමනාකරු (අලෙවි හා විකිණුම්) අම්ජාඩ් මවුලානා, සමූහ ගණකාධිකාරී අජූර්ඩීන් අසාරුදීන් සහ Moneta හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කනගනායගම් ශයන්තන්, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු රන්දු පෙරේරා යන මහත්වරු සහභාගී වූහ.