ශ්‍රී ලංකාව පුරා ආර්ථික අපහසුතාවයන්ගෙන් පසුවන පවුල්වල පාසැල් සිසුවියන් 100,000කට සහාය වීමේ අරමුණින් සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊවා විසින් පසුගියදා ආරම්භ කර තිබේ.
පාසල් සිසුවියන් අතර ආර්තව දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනයදා ආරම්භ කළ මෙම සුවිශේෂී වැඩසටහන, ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීම සඳහා හැකියාව නොමැතිවීම මත කිසිදු ගැහැණු ළමයකුගේ පාසල් ගමන මඟ හැරීම වැළැක්වීම සඳහා ඊවා හී කැපවීම ගම්යකරණ තවත් සත්කාර්යයක් ලෙස හැඳින්විය හැකි බව කියයි.
එම වැඩසටහන යටතේ, ප්‍රථම වරට කොළඹ තෝරාගත් පාසල් තුනක් වෙත EVA සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කරන ලදී. එලෙස සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීමේ වැඩසටහන මාර්තු සහ අප්‍රේල් මාසයන් පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති EVA පාසල් දින මඟනොහරිමින් බාධාවකින් තොරව අඛණ්ඩව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍යය සහාය සලසා දෙමින්, ගම්බද පාසල් සඳහාද එම පරිත්‍යාගයන් සිදුකිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.
නව යොවුන් පාසල් දැරියන් ඔසප් දිනයන්හිදී පාසල් මඟහැර ගන්නා සෑමවිටම තමන්ගේ අනාගත සිහින සැබෑ කර ගැනීම පියවරක් පසුපසට තබන බව නොරහසකි. ඒ අනුව, ඊවා සනීපාරක්ෂක තුවා ඇසුරුම් ආර්ථික වශයෙන් දුෂ්කරතාවයන්ට මුහුණදෙන ප්‍රදේශයන් හි අවම ආදායම් සහිත පවුල්වල පාසල් දැරියන්ට ලබාදෙමින් ඔවුන්ට අඛණ්ඩව පාසල් ගමන යාමට ශක්තියක් වී ඇත්තේ කාලය ඔවුන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවීම සහතික කරමිනි.
1987 වසරේ සිටම ශ්‍රී ලංකාවේ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන වෙළෙඳපොළෙහි ප්‍රමුඛයා බවට පත්ව ඇති EVA රට පුරා ශක්තිමත් හා දිරිමත් කාන්තාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එහි නිෂ්පාදන වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. EVA ඉහළ උරා ගැනීමේ හැකියාව, සුවපහසුව සහ ආරක්ෂාව සහිත උසස්ම තත්වයේ සනීපාරක්ෂක තුවා පාරිභෝගිකයින් වෙත ලබාදීමට කැපවී කටයුතු කරයි. එමෙන්ම, විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාම වෙනුවෙන් කාන්තාවන්ට හොඳම සනීපාරක්ෂක සන්නාමය මෙරට කාන්තා පරපුරට හඳුන්වා දී ඇති EVA කාන්තා සනීපාරක්ෂාවේ ප්‍රමුඛයා ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කොට ඇත.