ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස පසුගියදා පත්කෙරුණු ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි ආරම්භයටත් පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහල නිලධාරීන් හමුවී තිබේ.
මේ වනවිට රට හමුවේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට ආයෝජන මණ්ඩලය පාර්ශ්වයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආායෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය ඇතුළු ඉහල පෙලේ නිළධාරීන් රැසක් සහභාගි වී තිබේ.