ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආබාධිත දරුවන් සඳහාම වෙන්වූ ආයති ජාතික මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.
රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයක් අනුව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉඩමක් සහ වෛද්‍ය සේවාවන් ලබාදීමට ඉදිරිපත් වෙමින්, මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාර දෙකක් වන Hemas Holdings සහ MAS Holdings සමාගම් ප්‍රධාන අරමුදල් දායකයන් ලෙස කටයුතු කර මෙය ඉදිකර ඇත.
එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මාස 13ක් තරම් කෙටි කාලයක් තුළ ආයති මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නොමිලයේ ඉටුකර දී තිබේ. ශ්‍රව්‍ය උපකරණ සඳහා රොටරි සමාජයේ දායකත්වය ලැබී ඇති අතර ‘රොෂාන් විජේරාම පවුල් පදනම’ තවත් එක් ප්‍රධාන අරමුදල් දායකයෙකු ලෙස ඉදිරිපත්ව ඇත. මෙලෙස විවෘත වූ අයති මධ්‍යස්ථානයේ සේවා සියලු ශ්‍රී ලාංකේය අබාධිත දරුවන්හට නොමිලේ ලබාදෙනු ඇත.
ආයති මධ්‍යස්ථානය තුළ සෑම සතියේ දිනකම විවිධ අංශයන් සඳහා සායනික සේවාවන් පැවැත්වීමට සැලසුම් කර ඇත. සියලූම කායික සහ මානසික ආබාධ සඳහා මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුළුව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු පුළුල් සේවාවන් රාශියක් මෙමගින් ආවරණය වනු ඇත. ඉහළම ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත කර ඇති ආයති මධ්‍යස්ථානය නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයකින් මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවේදක කාමරය, විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුළුව පහසුකම් රැසකින් සමන්විත වේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම් ලත් වෘත්තීය විශේෂඥයන් විසින් මෙහි සායන පවත්වනු ඇත. ආයති මධ්‍යස්ථානය ඉහළ ප්රමිතීන් ගෙන් යුත් සේවාවන් ලබාදීම සහතික කරනු වස් සේවාවන් ලබාගැනීමේදී කල්තබා වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ. සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ 011 5960050 අංකය ඇමතීමෙන් වේලාවන් වෙන්කරවා ගැනීම සිදුකළ හැකිය.
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පිඨයේ ඉදිකරන ලද ආයති මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැයවුණු මුදල රු.මිලියන 550 කි. මෙහි සේවා නොමිලයේ සපයනු ලබන බැවින් මෙහි මෙහෙයුම් තිරසාරාත්මකව හා අඛණ්ඩ ලෙස සිදු කරගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීම අයති භාරකාරත්වය මඟින් සිදු කරමින් පවතියි.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.ayati.lk වෙත පිවිසෙන්න. ආයති භාරයේ ගිණුම් අංකය: 84904435 (ලංකා බැංකුව - Personal Branch) ඩයලොග් දුරකථන මගින් දායක වීම සඳහා (රු. 2500/- දක්වා) Donate (හිස්තැනක්) Ayati (හිස්තැනක්) මුදල සඳහන් කර 366 ට SMS පණිවිඩයක් යොමුකළ හැකිය.