අභිනවයෙන් තේරීපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැවැන්ත අභියෝග හමුවේ ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කරගන්නා බව ප්රීමා ශ්රී ලංකා සමාගම පවසයි.
ප්රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවයි.
මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ වෙළෙඳ සැල් දැනුවත් කර ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.