මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකයන් 743කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් පසුගියදා කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 39 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනලද මෙම සද්කාර්යයේදී ඒ පිළිබඳව අදහස් දැක්වූ වැඩබලන සභාපති පී.ජී. දසනායක මහතා පවසා සිටියේ රටේ සංවර්ධනයට පමණක් නොව උතුම් මානුෂික සත්කාර්යන්ට නිරන්තරයෙන් ඇපකැප වූ සේවක පිරිසක් එහි සේවය කරන බවයි. තවද, මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කළ වරාය අධිකාරියේ සියලු සේවක මහත්ම මහත්මීන්ට සිය ප්‍රණාමය හිමිවන බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, මෙම සංවත්සරයට සමගාමීව වරාය සම්බුද්ධත්ව චෛත්‍ය පරිශ්‍රයේදී වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වා තිබුණි.