ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරන ලද අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ “Varsity Battles 2023”, පළමු වැඩසටහන් දෙක ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලයේදී පිළිවෙලින් 2023 මැයි 24 සහ 25 යන දිනවල සාර්ථකව නිමාවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ අන්තර් පීඨ ප්‍රශ්නාවලියෙහි ජයග්‍රාහී කණ්ඩායම ලෙස ව්‍යවහාරික විද්‍යා පීඨ 1 -කණ්ඩායම බවට පත්වෙමින් රු.75,000ක මුදල් ත්‍යාගයක් හිමි කරගෙන ඇත. පිළිවෙලින් පළමු වැනි සහ දෙවැනි අනුශූරයන් බවට පත්වු ව්‍යවහාරික විද්‍යා පීඨයේ 2 - කණ්ඩායම සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ 1 - කණ්ඩායම සඳහා සහතික පත් ප්රදානය කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ පැවති අන්තර් පීඨ ප්‍රශ්න විචාරාත්මක තරගයේදී කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨ 2 - කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායම ලෙසින් රු.75,000ක මුදල් ත්‍යාගයක් දිනාගන්නා ලදී. ඉංජිනේරු පීඨ 2 -කණ්ඩායම සහ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පීඨ 1- කණ්ඩායම පිළිවෙලින් 1 වැනි සහ 2 වැනි අනුශූරතාව සඳහා සහතික ලබාගෙන ඇත.
මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය මගින් විශ්ව විද්‍යාල සිසුන් ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන් අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරයි.
ප්‍රශ්න විචාරාත්මක තරගය අදියර දෙකකින් පැවැත්වේ. පළමු වැනි අදියර විශ්ව විද්‍යාලය තුළ පීඨයන් අතර අන්තර් පීඨ තරඟ ලෙසත් දෙවැනි අදියරේදී අන්තර් විශ්ව විද්‍යාල තරඟයක් ලෙසත් පැවැත්වේ.
අන්තර් පීඨ තරඟාවලියේදී වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් තුන අන්තර් විශ්ව විද්‍යාල තරඟාවලියට සහභාගී වීමට නියමිතය.
අන්තර් විශ්ව විද්‍යාල තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර, පළමු සහ දෙවැනි අනුශූරතා කණ්ඩායම්වලට පිළිවෙළින් රුපියල් ලක්ෂ දෙකක සහ ලක්ෂයක මුදල් ත්‍යාගයන් පිරිනැමේ.