ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලඥයා පොරොන්දු ලබාදෙන විට නොව පොරොන්දු ඉටු කරන විට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
දේශපාලඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබාදීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බව හෙතෙම පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව, ඇළහැර, පොකුරුගම පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති 180න් එකක් ලෙස මෙම ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
ප්‍රදේශය පුරා පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර එමගින් ප්‍රදේශයේ ජනතාවට නැනෝ තාක්ෂණ මගින් පෙරන ලද ජලය නොමිලේ ලබාදෙනු ලබයි.