'අලුත් පරපුර' සංවිධානයේ තරුණ කලාකරුවන් පිරිසකට අද පෙරවරු 11.30ට පමණ කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් පොලුමුගුරු, ගල්මුල්වලින් පහර දුන් බවට පොලීසියට පැමිණිලි කළ බව අලුත්පරපුර සංවිධානයේ උදුල ප්‍රේමරත්න මහතා පැවසීය.
සමනලී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර, ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මනුවර්ණ ඇතුළු කලාකරුවන් පිරිසක් කුඹුක්ගැටේ ප්‍රදේශයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් මහජනයා දැනුවත් කිරීමේ කටයුත්තකයෙදී සිටියදී මෙම පහරදීම සිදුකර ඇත.