ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
අද (05දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයාට බලය පවරා තිබේ.