ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්ගෙන් කොරෝනා මර්දනයට විශේෂ අරමුදලක් පිහිට වූ බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
මෙම උවදුර හේතුකොටගෙන බොහෝ සෞඛ්‍යමය අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිගකමක් සහ අවශ්‍යතාවයක් මතුව තිබෙන බව අපට වාර්තා වී ඇති බැවින් කොරෝනා උවදුර තුරන් කිරීම උදෙසා ක්‍රියාවෙන්ම මැදිහත් වීමට සමගි ජන බලවේගය අදහස් කළ බව ද කියා සිටියි.
ඒ අනුව සමගි ජනබලවේගය සන්ධානයේ සියලුම අපේක්ෂකයින්ගේ සාමූහික මැදිහත්වීම මත ඔවුන් සිය මැතිවරණ අරමුදල උපයෝගී කරගෙන 'කොරෝනා මර්ධන ව්‍යාපෘතියට' දායක වීමට තීන්දුකොට සිටින බවත්,ඊට අමතරව බොහෝ පරිත්‍යාගශීලීන් මීට දායක වන බවට දැනටමත් දැනුවත් කොට තිබෙන බවත්, අදාල අරමුදල සම්පූර්ණයෙන්ම යොදවනු ලබන්නේ කොරෝනා මර්ධනය උදෙසාවන සෞඛ්‍ය අවශ්‍යතා සැපිරීම සඳහා බවත් සඳහන් කරයි.
සමගි ජනබලවේගය හෙට(04)සිට එකී අරමුදල ආරම්භ කරන බව දන්වා සිටියි.