ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකර ඇති ලිපියේ වැරඳි බොහෝමයක් අඩංගුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එම පුවත්සේවය කළ ගවේෂණාත්මක ලිපියක පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ කළ ව්‍යාපෘතියන්හි ගැටලු පිළිබඳව වාර්තා කර තිබුණි.
එසේම පසුගිය ජනපතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.9ක මුදලක් ලබාදී ඇති බවටත් එම ලිපියේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කරන බවත් ශ්‍රී ලංකාවේ වත්කම් බටහිර බල අරගලය වෙනුවෙන් යොදා නොගත යුතු බවත් ඔහු පවසයි.
ජනපතිවරණ සටනේදී මහින්දට චීනයෙන් මුදල් දීලා?
