ශ්‍රී ලංකාව හා අත්සන් කිරීමට නියමිතව තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සම්ප්‍රේෂණය කර හෝ වියදම් කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් මේ බව සඳහන් කරයි. මෙම ප්රදානය සම්බන්ධයෙන් රජයෙන් තීරණය ලැබෙන තෙක් අවලංගු කර හෝ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.