ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) අහමෙදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ පරීක්ෂාවකදී ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය (20දා) වාර්තා කළේය.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සිව්දෙනා ගුජරාට ත්‍රස්ත විරෝධී බළකාය විසින් ඉදිරි ප්‍රශ්න කිරීම් සඳහා රහසිගත ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ. මොවුන් මෙලෙස එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි හේතුව කුමක්ද යන්න පිළිබඳවත් මෙතෙක් අනාවරණය වී නැත.
මේ අතර ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටයේ තරග සඳහා කණ්ඩායම් තුනක් එම ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණු අවස්ථාවේදී මෙම සිව් දෙනා එම ගුවන් තොටුපොළට පැමිණීමේ සම්බන්ධතාවක් පවතින බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය මැයි 12 වැනිදාද මෙම ගුවන් තොටුපොළ වෙත බෝම්බ තර්ජනයක් ඇති විය.