ශ්‍රී ලංකාවට විස්තර්ණ ණය පහසුකමක් ලබාදීම වෙනුවෙන් වූ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවන් ඇති කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඒළැඹෙන අගෝස්තු 24 දා සිට 31 දා තෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනක් නිකුත් කරමින් පවසයි.
කෙසේ වෙතත් තම නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයේදී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බවට ප්‍රකාශ කර තිබේ.
මෙම සංචාරයේදී ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවද මූල්‍ය අරමුදල පවසයි.
IMF කාර්ය මණ්ඩලයේ සංචාරය අතරතුර අනෙකුත් පාර්ශවකරුවන් සමඟ කටයුතු කරන බවත් මෙම කණ්ඩායම පීටර් බෲවර් මහතා සහ මසාහිරෝ නොසාකි මහතා විසින් මෙහෙයවන බවත් මූල්‍ය අරමුදල වැඩිදුරටත් නිවේදනය කරයි.