ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ චැන්ග්යොං රී මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (14දා) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.
රටේ පහළ වැටෙන සංචිත, අවප්‍රමාණය කළ රුපියල සහ ඉහළ යන උද්ධමනය මූලික කර ගනිමින්, ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ගැන එහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුව ඇත.
විශේෂයෙන්ම, රටේ සංචිත ඉහළ නැංවීමට සහ ආර්ථික වර්ධනය තිරසාර මාවතකට ගෙන යාහැකි වැඩසටහනක් පිළිබඳ ශ්‍රී ලංකාව එළැඹෙන අප්‍රේල් මාසයේදී IMF සමග විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට ආපේක්ෂාවක පසුවන බවද වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ IMFහි නවතම සමාලෝචනය සහ පෙබරවාරි අග පැවති IMF අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී IMF විධායක අධ්යක්ෂවරුන් විසින් ගෙනහැර දක්වා ඇති තක්සේරු පිළිබඳවද විස්තර සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ප්රමුඛ දූත පිරිස අද (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කිරීමටද නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.