ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවි කිරීමේදි ඔවුන් ලබන ලාභ අලාභ පිළිබඳව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් ඉදිරිපත් කර තිබේ.
මෙම සටහනට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් සංස්ථාව රුපියල් 108.43ක ලාභයක් ලබයි. එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 6.29ක ලාභයක් සංස්ථාව ලබයි.
කෙසේ වෙතත් ලංකා ඔටෝ ඩීසල් ලීටයකින් සංස්ථාව ශත 30ක අලාභයක් ලබන අතර සුපිරි ඩීසලී ලීටරයකින් රුපියල් 10.3ක් ලාභයක් ලබයි.
ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටයකින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් හා ලංකා සුපිරි ඩීසල් ලීටරයකින් පිළිවෙළින් රජය අය කරන බදු ප්‍රමාණය රුපියල් 80.46ක්, රුපියල් 102.9ක්, රුපියල් 59.5ක්, රුපියල් 87.2ක් ලෙස රජය බදු අයකරයි.