තමන් ජනාධිපති ධුරය දරන කාලේ ඉන්දීය රජයෙන් ලැබුණු ත්‍යාගයක් විදිහට පොළොන්නරුවේ ඉදි කරනු ලැබූ තෛයි භාෂාපාසලේ වැඩ කටයුතු හැට නව ලක්ෂයේ ආණ්ඩුව ආවට පස්සේ නැවතුන බවත් එම වැඩ කටයුතු නැවත පටන් ගැනීමට හැකිවීම පිළිබඳව ඉන්දීය රජයට තමන් ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතා අද (15) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ඉන්දියානු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් එල්දොස් මැතිව් පුන්නූස් මහතා අද (15) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව වැඩ නවතා දමා ඇති මෙම තෛයි භාෂා පාසලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එම චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
මේ අනුව ඉදිරි මාස හයක් ඇතුළත මෙම පාසලේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා මිලියන 250 ක මුදලක් ද ඉන්දීය රජයෙන් ලැබෙන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය
"මේ පාසල තෛයි භාෂා පාසලක් ලෙස මම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනාධිපතිවෙලා මගේ පළමු ඉන්දීය සංචාරයා අතරතුරදී මම කරපු ඉල්ලීමක් විදිහට ඒ අනුව තමයි නරේන්ද්‍ර මෝධි අග්‍රාමාත්‍යතුමා ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ණයක් විදිහට නෙමෙයි 2017 එවකට හිටපු ඉන්දීය තානාපතිතුමත් පැමිණිලා මේකේ මුල්ගල් තියලා වැඩ පටන් අරගෙන කරගෙන ගියා.නමුත් 2019 හැට නව ලක්ෂය ආණ්ඩුව ආවට පස්සේ මේකේ වැඩ කටයුතු නැවතුණා.යම් ප්‍රමාණයකට කොවිඩ් තත්ත්වයත් එදා බලපෑවා නමුත් රජයට තිබුණා උනන්දු වෙලා මේ කටයුත්ත කරන්න.
රජයට උනන්දුවක් තිබුනෙ නෑ කරන්න නමුත් මම ස්තූතිවන්ත වෙනව ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස්තුමා එතුමා ඇවිල්ලා පැමිණිලා බලලා මේ අවුරුද්දේ ඉතිරි වැඩ අවසන් කරන්න මිලියන 250ක් දෙන්න එතුමා පොරොන්දු වුණා.ඒ මුදල්වලින් සෑහෙන වැඩ කොටසක් කරන්න පුළුවන් වෙයි ඉතිරි මුදල් අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා ඒක නොලැබෙන එකක් නැහැ මේක අවුරුදු හතරක් නටබුන් වෙලා වගේ තිබුනේ මට ඉතා සන්තෝෂයි ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස්තුමා ඇවිල්ලා මේක බලලා ඒ වගේ මධ්යාපන අමාත්‍යාංශය කච්චේරිය අධ්‍යාපන කාර්යාලය මෙම ව්‍යාපෘතිය කටයුත්ත ඉදිරියට ගෙන යෑමට නැවත පණ දීම පිළිබඳව.
මේක මේ ප්‍රදේශය දරුවන්ට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම ඉගෙන ගන්න පුළුවන් හැකි අවස්ථාව තියෙනවා.මේක ලංකාවේ විශේෂ පාසලක් මේ වගේ පාසලක් ලංකාවේ නෑ"