ආරච්චිකට්ටුව කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථ දායක සභාව විසින් වරෂයක් පාසා නොකඩවා සංවිධානය කරනු ලැබූ ලේදන්දීමේ වැඩසටහන් මෙවරත් 41 වෙනි වරට එම විහාරස්ථානයේදී අද (13) පැවැත්වීය.
මෙහිදී ලේදන්දීම සඳහා පරිත්‍යාගශීලි දායකයින් 113දෙනෙකු ඉල්ලීම් සිදුකර තිබූ අතර ඉන් 110 නෙකුට ලේදන්දීම සඳහා අවස්ථාව ලැබුනි. එහිදී ස්වාමීන් වහන්සේ කීප නමක්ද ලේදන්දීම විශේෂයක් විය.
එදින සවස ප්‍රදේශ වාසීන්ට හා මුලු රටටම සෙත්පතා බෝධිපූජාමය ආශීරවාද පිංකමක් පැවැත්වූහ.
මයියාව විහාර පරම්පරාවේ අධිපති ශාෂනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී කරුක්කුලිය ජයතිලකාරාමාධිපති පූජ්‍ය නවදනකුලමේ මේදානන්දාභිධාන නායක ස්වාමීන්වහන්සේගේ අවවාද අනුශාෂනා වලට අනුකූලව කරුක්කුලිය ජයතිලකාරාම දායක සභාව විසින් මෙම ලේදන්දීමේ වැඩසටහන සංවිධානය විය.
මෙම අවස්ථාව සඳහා හලාවත පදවි රදගුරු විමල්සිරි ජයසූරිය හිමිපාණන්, ශ්‍රී ලංකා බෙෳද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරී ආරච්චිකට්ටුව ශ්‍රී නාගාරාමාධිකාරී පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හේරත් මහතා, ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් ටී. ඒ. කේ. චන්ද්‍රිකා මහත්මිය ඇතුලු විශාල පිරිසක් සහභාගී විය. (IJ)
ලලිත් නවරත්න