නිවෙස්වල වහළ මත සූර්ය පැනල සවි කර වසර එකහමාරක් දෙකක් පමණ කල්ගත වී ඇති නමුත් ඒ සඳහා සබඳතාවයන් ලබා දීමට විදුලි බල මණ්ඩලය තවමත් ක්‍රියා කර නොමැති බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
"අද වෙනකොට රූෆ් ටොප් සොලර් ගත්තොත් එහෙම මෙගාවොට් 40ක් තියෙනවා ගෙවල්වල සෝලර් හයි කරල විදුලිබල මණ්ඩලයෙන තවම කනෙක්ෂන් එක දෙන්නෙ නැතුව. අවුරුද්දක් එකහමාරක් , සමහර ඒව අවුරුදු දෙකක් විතර වෙනවා. මෙන්න මේ කියන දේවල්වලට අපි විදුලි බල මණ්ඩලයත් සමඟ සාකච්ඡා කරල තීන්දු තීරණ අරගෙන අදාළ නිලධාරීන් දැනුවත් කරල මේව මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පාචිච්චි කරන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරල තියෙනවා.
මේ වගේ නිලධාරීන් ඉන්නව නම්, දේශපාලඥයන් ඉන්නවනම් , මේ හැමොටම දඩුවම් දිය යුතුයි කියල මමත් විශ්වාස කරනවා. ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් අපේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් සපුරා ගන්න. ඒ අනුව අපිට සිද්ධ වෙනවා තව අවුරුදු 8ක් තුළ මෙගාවොට් 9 000ක් පමණ අළුතින් පද්ධතියට එකතු කරන්න. ප්‍රවාහන ක්ෂේත්රය සඳහා වැය කරන ඉන්ධන ප්‍රමාණය පවා අඩු කළේ නැත්නම් අපට එය දරා ගැනීමට බැරි වෙනවා.
ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මොගාවොට් 50 හා ඊට වඩා වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අපිට යෝජනා 534 ක් ලැබුණා. අපි මේ ටික ලැයිස්තුගත කරල විදුලිබලමණ්ඩලයට ලබා දෙනවා අව්‍යශ ඉතිරි වැඩ ටික සිදු කරන්න"
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6305387643.jpg)