ජනාධිපති රනිල් වික්රම සිංහ මහතා තමාට ‘යාලුවා’ යනුවෙන් සඳහන් කරමින් පැමිණියද ලබන 21 වැනිදාට පසු යාලුවාගේ තරම දැනගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කොළඹ ඊයේ(08දා) පැවති සමුළුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මම දැක්කා මෑතක ඉදන් රනිල් වික්රමසිංහ මා මිත්ර අනුර, මගේ යාලුවා අනුර කියනවා. ඔය එන්නේ ශේප් වෙන්න. ඒ නිසා යාලුවා යාලුවා කියලා මොන තරම් ශේප් වෙන්න ආවත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ කරනවා. අනිවාර්යෙන් එල්.ආර්.සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන පරීක්ෂණ කරනවා. මොනතරම් යාලුවා යාලුවා කියලා පිටුපසින් ආවත් ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කරගැනීම සඳහා දරන ලද ප්රයත්යක් පිළිබඳ පරීක්ෂණ පවත්වනවා. සැප්තැම්බර් මාසයේ 21 වැනිදායින් පස්සේ ඔබට යාලුවාගේ තරම තේරුම් ගන්න පුළුවන්. ”