2026 වසරේ සිට ශ්‍රී ලංකාවේ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය දේදුනු ඩයස් මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ 2026 වසර සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු ඖෂධ 2025 ජනවාරි 31 වැනිදා වන විට වෛද්‍ය සැපයීම් අංශය විසින් ඇණවුම් කොට අවසන් කළ බවයි.
වරින් වර ඇණවුම් කිරීම මෙතෙක් පැවති ක්‍රමවේදය වූ බවත් එසේ වරින්වර ඇණවුම් කිරීමෙන් ඇතැම් විට අත්‍යවශ්‍ය ඖෂධ තොග රටේ හිඟවීම ඇතුළු ගැටලු රැසක් පැන නැගුණු බවත් අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙලෙස කල් වේලා ඇතිව ඖෂධ ඇණවුම් කිරීමෙන් නියමිත ඖෂධ තොග රටේ හිඟයකින් තොරව පවත්වා ගැනීමට හැකි වීම මෙන්ම ගුණාත්මක ඖෂධ ,ඉහළ ප්‍රමිතියකින් රටේ ධනය අනවශ්‍ය ලෙස වියදම් වීමකින් තොරව ලබා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙසේ කල් වේලා ඇතිව ඖෂධ ඇණවුම් කිරීමෙන් පසු ඖෂධ සැපයුම් ක්‍රියාවලියට සම්බන්ධ අනෙක් සියලු ආයතන කලට වේලාවට සිය වගකීම් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.