2025 නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර පාසල් නිල ඇඳුම් සිසුන් වෙත ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කරයි.
චීන රජයේ ප්‍රදානයක් ලෙස සියලුම පාසල් සිසුන් සඳහා මෙම නිල ඇඳුම් ලබාදෙන අතර ඒ අනුව රටට රුපියල් බිලියන 7ක පමණ මුදල් ඉතිරියක් සිදුවෙයි.
අමාත් සුසිල් ප්‍රේමජයන්ත මහතා චීන තානාපති සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිළුලයකට අනුව එම රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිත ය.
ඒ අනුව,
නොවැම්බර් මස 13වන දින එහි පළමු තොගය ද,
නොවැම්බර් මස 21වන දින එහි දෙවන තොගය ද,
දෙසැම්බර් මස 20වන දින එහි තෙවන තොගය ද,
ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වන විටත් චීන රජය විසින් තහවුරු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන් ම නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20වන දිනට පෙර බෙදාහැරීමට නියමිත ය.