2024 ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
අද(21දා) පෙ.ව.07ට ආරම්භ කෙරුණු මෙම ඡන්ද විමසීම ප.ව 04ට අවන් වනතෙක් සාමකාමීව පැවති බව මැතිවරණ කොමිෂණ සභාව පැවසීය.
ඒ අනුව මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1713ක් ප්රවාහණය කිරීම ආරම්භ කර තිබේ. ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් 60,000ක් යොදවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.