ලබන වසරේ ජනවාරි මාසයේ සිට සෑම රාජය සේවකයෙකුගේම මූලික වැටුප සියයට 24 සිට සියයට 50 දක්වා වූ ප්රතිශතයකින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්ය සේවක වැටුප් විශමතා ඉවත් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්රකාශ කළේ මේ අනුව රජ්ය සේවයේ පහළම තලයේ සේවකයාගේ මූලික වැටුප සියයට 24කින් ඉහළ නැංවෙනු ඇති බවයි.
එසේම ඉහළ සේවකයන්ගේ මූලික වැටුප සියයට සියයට 24 සිට සියයට 50 දක්වා වූ ප්රතිශතයකින් ඉහළ නැංවීමට නියමිත අතර එහිදී ඔවුන්ගේ සුදුසුකම්, පළපුරුද්ද හා රැකියාවේ කාර්ය යනාදිය සලකා බැලීමට නියමිතය.