මේ වසරේ ජනවාරි මාසය තුළ ශ්‍රි ලංකාවට විදේශ විනිමය ගලා ඒම් තුළ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ. ඒ අනුව සංචාරක ව්‍යාපාරය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 342ක ආදායමක් උපයා ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසදීමේදී සියයට 122ක වර්ධනයකි.
එසේම විදෙස් ගත ශ්‍රමිකයන් ජනවාරි මාසයේදී ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 488ක් එවා ඇති අතර එය 2023 ජනවාරි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 467ට සාපේක්ෂව සියයට 5ක වර්ධනයකි.
එසේම දැවැන්ත කඩා වැටීමකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ජනවාරි මාසයේදී 14.6%කින් අතිප්‍රමාණය වී තිබේ.
මීට අමතරව විදේශ සංචිතය ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2023 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 2.1 ලෙස් දැක්වූ අතර ඒ අනුව විදේශ විනිමය සංචිතය සියයට 114% කින් ඉහළ ගොස් තිබේ.