2025 ජනවාරි මස 26 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 212 838ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2024 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 208 253ක් පැමිණ ඇති අතර 2025 ජනවාරි මස නිමාවීමට දින පහක් ඉතිරිව තිබියදීම 2024දී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි වසර වන 2018 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 238 924කි.