ලබන 20 දා පාසල් ආරම්භ කරන්නේද නැත්ද යන තීරණය අද (17දා) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවැසීය.
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් විමසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකළ ලිපියට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමුව ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් අද රැස්වන බවත් එහිදී පාසල් ආරම්භ කිරීම පිළිබඳව තීරණයක් ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.