දහ හත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි (18) හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටියදී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසැල් සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. මේ අතරතුරදී පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැන ගෙන ඒ පිළිබඳව විපරම් කිරීමේදී පෙම්වතාට නිදන්ගත රෝගයක් හට ගෙන ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාවය නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර තිබේ.
පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.
මේ බව දැනගත් තරුණයා ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය කාලය තුළදී වීඩියෝ කෝල් ගන්නා අවස්ථාවල දි පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂොට් හරහා ලබාගෙන තිබූ අතර එම ඡායාරූප ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමෙන් පසුව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර තිබේ.
මේ බව දුටු මිතුරියන් කිහිප දෙනෙකු පාසල් සිසුවියට දැන්වීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න