හිටපු 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගත්ථ වූ බව වතිකානුව නිවේදනය කලේය. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ.
2005 වර්ෂයේදී උන්වහන්සේ පාප් ධුරයට පත්වූයේ ඒවකට ධුරයේ රැඳී සිටි දෙවැනි ජුවාන් පාවුල් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමගිනි.
පුරා වසර 8 ක් එම ධුරයේ රැඳී සිටි උන්වහන්සේ 2013 වර්ෂයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ සෞඛ්‍ය හේතූන් අනුවය. උන්වහන්සේ වසර 600 කට පසු පාප් ධුරයෙන් ඉල්ලා අස්වූ පළමු පාප්තුමන් ලෙසින් ඉතිහාසගත විය. ඊට පෙර එලෙස ඉල්ලා අස්වී තිබුනේ 1415 වර්ෂයේදි 12 වැනි ග්‍රෙගරි පාප්වහන්සේය.
බෙනඩික්ට් පාප් වහන්සේගේ දේහය අනිද්දා (02දා) සිට බැතිමතුන්ගේ ගෞරවාචාරය උදෙසා වතිකානුවේ තැන්පත් කරන බව වතිකානුව නිවේදනය කර ඇත.