යතුරුපැදියකින් අලව්වේ සිට පැමිණ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොලිස් වසම් ගණනාවක නිවාසවලට අලුයම් කාලයේදී ඇතුළු වී නිදා සිටි කාන්තාවන්ගේ අත්පා බැඳ රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකෑ "වැලිකඩ ඇස් ලොට්ටා" අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු කොල්ල කන ලද රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා ඩ්‍රිල් , ගයින්ඩර් , කැමරා ජංගම දුරකථන , ක්‍රීම් වර්ග ඇතුළු ,උණු කරන ලද රන් කැබලි, පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඉකුත් මාස කීපය තුළ රාගම ගනේ මුල්ල මත්තේගොඩ හා කොට්ටාව පොලිස් වසම් නිවාස හයකට අළුයම් කාලයේදී ඇතුළු වූ පුද්ගලයකු එම ඇතැම් නිවාසවලව තනිව සිටි කාන්තාවන් ඇඳ මතම බැඳදමා රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකා පලා ගොස් ඇති බවට එම පොලිසි වලට පැමිණිලි ලැබී තිබූ බව පොලිසිය කියයි.
අදාළ සැකකරු සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් 83774 සුදීර නිලධාරියාට ලද තොරතුරුවලට අනුව රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අදාල පොලිස් වසම්වල සිදු කළ කොල්ලකෑම් සියල්ල සැකකරු විසින් සිදු කළ බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සැකකරු විසින් කොල්ල කන ලද එම දේපළ රාජගිරියේ බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ලවා උගස් තබා ඇතැයි අනාවරණය වී යැයි පොලිසිය කියයි.
දිනකට රුපියල් 20,000කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය හෝ හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින සැකකරු උගස් තබා තිබූ එම භාණ්ඩ වල රිසිට් පත් නැවත විකුණා මත් කුඩු පානය සඳහා මුදල් වැය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව සැකකරුගේ ප්‍රකාශ මත එලෙස විකුණා තිබූ භාණ්ඩවලින් කොටසක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරු අලව්ව ප්‍රදේශයෙන් විවාහ වී සිටින අතර එම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු මධ්‍යම රාත්‍රියෙන් යතුරුපැදියෙන් කොළඹ පැමිණ කොල්ලකෑම් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ප්‍රදේශයට යාම හේතුවෙන් මෙතෙක් කලක් පොලිසියෙන් වසන් වී සිටීමට හැකි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
33 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය