කොළඹට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් 19 වෛරස් රෝගවාහකය පැමිණීමේ දැඩි අවධානමක් ඉදිරි සති කීපයේදී මතුවිය හැකි බව තලවකැලේ- ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ආරක්ෂක අංශවලින් ලබාගන්නා ඇඳිරි නීති බලපත්‍රය උපයෝගි කරගෙන උඩරට එළවලු ලොරි රථ මගින් කොළඹ මැනිං වෙළෙඳ පොළ වෙත රැගෙන යන බවත්, පසුව එම ලොරි රථවලට කොළඹ හරස්වීදිවලින් වෙනත් භාණ්ඩ පටවාගෙන රැගෙන එන බවත්, මේ වනවිට මැනිං වෙළෙඳ පොළ ආශ්‍රීතව කොරෝනා වෛරස් රෝගීන් හමුවීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය නිර්මාණය වී ඇති බවද ඒ මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික්කය රැකගැනීම වෙනුවෙන් උඩරට එළවලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ සඳහා පොලිස් අවසර පත්‍රයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලිඛිත අවසරයක්ද සහිතව සිදු කිරීමට පියවර ගන්නේ නම් මෙම අවදානම් අවස්ථා යම්තාක් දුරට හෝ අවම කර ගැනීමට හැකියාව ඇති බවද අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ශාන් හුලංනුගේ