කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කරන ලදි.
කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීමත් සමග රටේ සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්රිත සේවාවන් මුළුමනින්ම අඩපණ වී ඇත.
එවන් වතාවරණයක් යටතේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා රජය ගෙනයනු ලබන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායක වීමට ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමේ (Ceyline Holdings Pvt Ltd) අධ්යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව, කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත තාවකාලිකව භාරදීම අද නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමේ විධායක සභාපති කපිතාන් (වෙළඳ නෞකා) අජිත් පීරිස් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.
තවද, රට තුළ ඇති වී තිබෙන මෙම හදිසි ව්‍යසනකාරී තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ පසු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂබීජහරණය කර නැවතත් මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතනයේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීම සඳහා එම සමාගමට භාර දෙනු ලබන අතර සංචාරක ක්ෂේත්රයේ ඉහළ නමක් දිනා ගෙන ඇති ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගම මෙවැනි අවස්ථාවක රට වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණය නාවික හමුදාධිපති තුමන්ගේ පැසසුමට ලක්විය.