'පෙරමග' වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.
ඖෂධ සහ සුවසේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පෙරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුරුකුලරත්න, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි පවුලේ සාමාජිකයන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ව මෙම වැඩසටහන දියත් කෙරේ.
මෙම සංකල්පය වෛද්‍ය කුරුකුලරත්න මහතාගේ යෝජනාවක්වන අතර මෙලෙස පරිත්‍යාග කෙරුණු මධ්‍යස්ථාන දෙක 'පෙරමග' වැඩසටහනේ පළමු අදියරයි. බාහිර රෝගීන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කරමින් වෛරසය පාලනය කිරීම සඳහා රජයේ රෝහල් 33 කට මෙලෙස සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.
මින් පෙර සාර්ස් වැනි වසංගත තත්ත්වවලදී බාහිර රෝගීන්ගෙන් රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම රෝහල් තුළ සිටින රෝගීන්ට ද වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා මෙවැනි මධ්‍යස්ථාන ලොව පුරා ඉතා සාර්ථක ලෙස යොදාගෙන ඇත. බරපතළ බෝවන ශ්වසන රෝග පාලනය කිරීම සඳහා බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නිර්දේශ කර ඇති සංකල්පයකි.