කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු හදිසියේ රෝගිවී මියයාමත් සමග එම විශ්වවිද්‍යාලයේ සිසුන් අද (25දා) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළු වන දොරටු වසා දමා ඒ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අතර උපකුලපතිවරිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව විරෝධතාව අත්හැර දැමූහ.
සිසුන් පැවසුවේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි සිසුවා රෝගිවී සිටි අවස්ථාවේ පරිපාලනයට දැන්වුවත් වාහනයක් ලබාදීමට විනාඩි හතළිහක පමණ කාලයක් ගතවී ඇති බවය. කෙසේ නමුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවු සිසුවා රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත්, සිසුවා කඩිනමින් රැගෙන පැමිණියේ නම් ඔහුගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බවට රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇති බවත් සිසුවෝ පැවසූහ.මේ හේතුවෙන් සිදුවූ ප්‍රමාදයට පරිපාලනය වගකිය යුතු යැයි සිසුවෝ පවසති.
සිසුන් විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටිමින් පරිපාලනයේ ක්‍රියා පිළිවෙතට විරෝධය පළ කිරීම නිසා විශ්වවිද්යාලආචාර්යවරු හා අනධ්‍යයන සේවකයෝ සිය රාජකාරි කටයුතු සඳහා විශ්ව විද්‍යාලය තුළට ඇතුළු වීමට නොහැකිව විශ්ව විද්‍යාල මාර්ගයේ රැඳී සිටියහ.
මෙසේ මිය ගොස් ඇත්තේ මොනරාගල, බෝගහ පැලැස්ස , බඩල් කුඹුර පදිංචි නිරෝෂණ ලක්මාල් නැමැති සමාජ විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යායන අංශයේ හතර වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.
අද (25දා) දහවල් වන විට සිසුන් සමඟ උපකුලපතිවරිය පැවැත්වූ සාකච්ඡාවකින් පසුව සිසුහු දොරටු විවෘත කර විරෝධතාව නතර කර අධ්යයනකටයුතුවල නිරත වූහ.
අද (25දා) උදෑසන සිට කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ විභාග කටයුතු නිසි පරිදි සිදුවූ බව පාලනාධිකාරිය පවසයි .
"විශ්ව විද්‍යාලයේ සිසුන් පවසන පරිදි හදිසියේ රෝගීවූ සිසුවා රෝහලට ගෙනයාමට ප්‍රමාදයක් සිදුවුණාදැයි තහවුරු කර ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ උපදේශකවරුන් ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙක් පත්කර කඩිනම් විමර්ශනයක් ආරම්භ කළා.පරිපාලනයතුළ එසේ අතපසුවීමක් වෙලා තිබෙනවා නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාලක සභාවට දන්වා තීරණයක් ගන්නවා.” යැයි කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය අද (25දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. .