ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ.
මිට අමතව කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මාස දෙකකට අධික කාලයක් සැපයුම නතර කර තිබූ ලාෆ් ගෑස් සමාගම යළිත් හෙට දිනයේ සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.