රටට අවශ්‍ය මීළඟ ජනාධිපතිවරයා නව සන්ධානය විසින් පත්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට තම පාර්ශ්වයේ අත්ල මත පවතින බවයි.
ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ සහායෙන් පත්වන බවට පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේය.
"දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ අපේ අතේ. අපි මේ පක්ෂය අපේ අතට ගත්තේ නීත්‍යනුකූලවයි. වැඩ බලන කියන කෑලි දැන් අපේ පක්ෂයේ නැහැ. මෙම මාසයේ 29 වෙනිදා වැල්ලවායේ දී අපි නව සන්ධානයේ දෙවැනි මහජන රැලිය පවත්වනවා. එදාටත් විශාල පාක්ෂිකයන් පිරිසක් සහභාගි වෙනවා. ඒ වගේම කවුරුවත් නොසිතන දේවල් පවා එදාට සිදුවෙන්න පුළුවන්.
ඉදිරියේ දී මීළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ අපේ සන්ධානය මිසක් ඔය අතන මෙතැන අටෝ ගත්ත සන්ධාන නොවේ. අනිවාර්යෙන්ම මීළඟ ජනාධිපතිවරයා වන්නේ අපි සහයෝගය ලබා දෙන නායකයායි කියන එක මම ප්‍රකාශ කරනවා".