මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අද (20) අළුයම 2.20 ට පමණ අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මැදවච්චියේ සිට අම්පාර ප්රදේශයේ ගොයම් කැපීම සදහා යමින් සිටි එකම දිශාවට ගමන් කරමින් තිබූ ගොයම් කපන මැෂින් පටවා ගත් ටැකර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය සඳහන් කරන්නේ එළවනවා කන්දේ බෑවුම ප්රදේශය මෙම යන්ත්ර දෙක පටවා ගත් ටැක්ටර් රථ දෙක ගමන් කිරීමේදී එක් යන්ත්රයක ඇති වූ කාර්මික දෝෂයක් (තිරින්ග අක්රියවීම)හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනික් යන්ත්රය ගැටීමෙන් පහළ බෑවුම් ප්රදේශයට ධාවනය වී මෙම අනතුර සිදුවී ඇති බවයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ එක් යන්ත්රයක ගමන් ගත් විසි හය හැවිරිදි ඉහල මල්ගස්වැව,පුලියන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට විල්ගමුව ප්රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාලකරුවන් විල්ගමු ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය පිළිබඳ ඉදිරි පරීක්ෂණ විල්ගමු පොලිසිය මඟින් සිදු කරනු ලබයි.
ඉන්දික අරුණ කුමාර