දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකු ට මරු කැදවමින් 21 ට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක් ඊයේ (15) රාත්‍රි මියගිය බව දියතලාව පොලිසිය පවසයි .
දියතලාව ගල් ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් .පී. සත්සරණී චාමින්දි (16) නැමති බාලවයස්කාර දැරිය මෙසේ මියගිය බවද පොලිසිය කීය .
මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයෙදී ඉකුත් අප්‍රේල් මස 21 වනදින පැවත්විණ .
එහිදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සිසි මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙසේ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටි එක මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර ඉකුත් අප්‍රේල් මස 21 සිදුවිය.
එම අනතුරින් එදින අවුරුදු 8 ක් වයසැති සිගිති දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා දියතලාව සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කලහ.
මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය නැරඹීමට ගොස් සිදුවු මාරක මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ලාබාල තරුණිය මෙසේ මියගිය බවද පොලිසිය සදහන් කළේය .
මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග අනතුරින් මියගිය ගණන 8 දක්වා ඉහල ගොස් තිබේ .
ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ .එම්.උපුල් චන්දන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී.බී.එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර දයාරත්න මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්/එස්. පි. නානායක්කාර