Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 10 වන සිකුරාදා
2025 ජනවාරි මස 10 වන සිකුරාදා
මෙතෙක් කලක් ජනතාව, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කළ කැපකිරීම් එක් කණ්ඩායමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතු නැති බවත්, ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,
මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර ප්‍රකාශිත ගැටුමක් සමාජයට ඉදිරිපත් වී තිබෙනවා. 2015 අගෝස්තු මාසයේ තෝරාපත්කර ගන්නා ලද පාර්ලිමේන්තුව සැප්තැම්බර් 02වැනිදා දක්වා වලංගුයි.
මාර්තු 11වැනිදා ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් පෙළෙන බව තහවුරු වුණා. ඉන්පසු තවත් පිරිසක් හමුවුණා. මෙම වසංගත තත්ත්වය අපේ රට තුළ ව්‍යාප්ත වන බව කරුණු සහිතව සනාථ වී තිබුණා. එය මැඩ පැවැත්වීම රටේත් ජනතාවගේත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේත් මූලික වගකීමක්. නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාවය දී කටයුතු කළේ ඔවුන්ගේ මැතිවරණ බල සිතියම එළා ගැනීමටයි.
මේ නිසා මාර්තු 19වැනිදා දක්වා කෙරෝනා වසංගතය තීරණාත්මකව මැඩ පැවැත්වීමේ ක්‍රියාමාර්ග කිසිවක් ආණ්ඩුව අනුගමනය කළේ නැහැ. නාම යෝජනා භාරගැනීම ඔවුන්ගේ මුඛ්‍ය උවමනාව බවට පත්කරගෙන තිබුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවා ජන වරමට අනුව මාස කිහිපයක් ඉදිරියට පාර්ලිමේන්තුව ගෙන යාමේ අවස්ථාව තිබුණා. නමුත් ජනාධිපතිවරයා සාක් රාජ්‍ය නායකයන් හමුවේ ප්‍රකාශ කළේත් අප්‍රේල් 25වැනිදා මහ මැතිවරණය පවත්වන බවයි. මේ මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ආණ්ඩුවට හැකි නිසා ඡන්දය කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
නමුත් මාර්තු මාසයේ 19වැනිදා නාමයෝජනා බාරගැනීමෙන් පසුව මැතිවරණ කොමිසමට ලැබුණ බලය අනුව මැතිවරණය පැවැත්වීම අප්‍රේල් 25වැනිදා සිට දින නියමයකින් තොරව කල් දැමුවා. අපි මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා. ජනතාව පැත්තෙන් හිටගෙන ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. එය නොගන්නට අපේ රටේ ජනතාවට කවර ඛේදවාචකයක් අත්වෙයිද කියන බරපතළ ප්රශ්නය තිබෙනවා.
ආණ්ඩුවේ සැහැසි බල උවමනාවට විරුද්ධව නිර්භීත තීරණයක් මැතිවරණ කොමිසම විසින් ගත් නිසා අද ජනතාව නිවාස තුළ රඳවා කොරෝනා මර්දන කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර ගැටීමක් නිර්මාණය වෙන්නේ මැතිවරණය කල් දැමීම හරහා බව අපි විශ්වාස කරනවා.
කොරෝනා තත්ත්වය තවත් වර්ධනය වීම හමුවේ ව්‍යවස්ථාවේ මතුවිය හැකි ගැටලු කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 3කට වඩා වැඩි කාලයක් කුමන කරුණක් නිසා හෝ පාර්ලිමේන්තුව රැස්නොවී තබන්නට බැහැ. නීති සම්පාදනය කිරීම මූල්‍ය බලය නියෝජනය කිරීමක් නිසා ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට මෙවැනි තත්ත්වයක් ලබාදී තිබෙනවා.
මාර්තු 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරි දින සිට ජූනි 02වැනිදාට පෙර මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. නමුත් වසංගත තත්ත්වය වර්ධනය හමුවේ ජූනි මස 02වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අතිශය දුෂ්කර බව මැතිවරණ කොමිසම නිරීක්ෂණය කරනවා. කොමිසම විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ජූනි මස 02වැනිදායින් පසුව පාර්ලිමේන්තුව නොකැඳවීම නිසා ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව අවධානය යොමු කරවනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ කථනයක් ලබාගැනීමට ජනාධිපතිවරයා යොමු විය යුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටියා.
අපේ රටේ ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ව්‍යවස්ථාවේ යම් වගන්තියක් පිළිබඳව, ව්‍යවස්ථාවේ යම් අපැහැදිලි අදහසක් පිළිබඳව අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. මෙම ව්‍යවස්ථා අර්බුදයට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අර්ථ නිරූපනයක් ලබාගැනීමේ බලය ජනාධිපතිවරයාට පමණක් තිබෙන නිසා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා. එයට පිළිතුරක් ජනාධිපතිවරයා ලේකම්වරයා මගින් මැතිවරණ කොමිසමට යවා තිබුණා.
ඒ ලිපියේ වැදගත් කරුණු දෙකක් සඳහන් වෙනවා. එක, මැයි 28වැනිදා දක්වා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ජනාධිපතිවරයාට ඒත්තු නොයන බව. එ නිසයි මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන්නේ මැයි 28වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව හැඟී නොයන බවයි. මැතිවරණයක් කියන්නේ පවත්වන දිනයේ ක්‍රියාවලියක් පමණක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට සූදානම් කිරීම, පුහුණු කිරීම, අදාල ආයතන විධිමත්ව ක්‍රියාත්මක කිරීම, දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාමේ අයිතිය සහ ජනතාවට ඒ ඒ දේශපාලන ව්‍යාපාර එක්ක සක්‍රියව මැදිහත්වීමේ අයිතිය වැනි සමස්තය තමයි ප්රජාතන්ත්රවාදී මැතිවරණ කියන්නේ. ජනතාවට ඒ ඒ දේශපාලන ව්‍යාපාරවලට තෝරාගැනීමට තිබෙන අයිතියත් දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කිරීමේ අයිතියත් අහුරා දමා මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදය නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි.
දෙවනුව, මැතිවරණයක් කල් දැමීමෙන් පසුව මැතිවරණ පැවැත්වීමේ දිනය තීරණය කිරීම මැතිවරණ කොමිසම සතු බව දන්වා තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් දන්වා තිබෙන්නේ අප්‍රේල් 25වැනි දින සිට මැතිවරණය කල් දැමීමෙන් පසුව මැයි 10වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබෙන බවක්. මැතිවරණය කල් දැමීම පිළිබඳව කොමිසම සමඟ උරණවූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැ.කො.ස.ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගෙන ඇති බව පැහැදිලි වෙනවා. තමන්ගේ ස්වාමීන්ට නිරන්තරයෙන් වන්දිබට්ටකම් කරන පිරිස් ඉදිරියට ඇවිල්ලා මැතිවරණ කොමිසමට විරුද්ධව සාහසික ප්‍රහාරයක් දියත් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ සාහසික බල උවමනාව තහවුරු කරගැනීමේ අරමුණින් එය ක්‍රියාත්මකයි.
popular news
Oshan Sunday, 12 April 2020 04:59 PM
මේවා අපේ බොහොමයක් සංහලයන්ට තේරෙන්නෙ නැ.පාලකයො බොරැවෙන් මුලාවෙන් මහජනයා අන්දවල තියෙන්නෙ.මාධ්‍යය ආයතන කිහිපයක් ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාලකයන්ගේ බොරැව මහජනයා වෙත වපුරවමින් ඔවුන් මුලාවේ දමා ඇත.ඒකාධිපති ගමන නිසා ශ්රි් ලංකාව විනාශය කරා යාවි.මිනිසුන්ට මේ බොරැව තේරෙනකොට රටට වෙන්න ඕන විපත් වෙලා තියේවි.තව මාස 6ක් ඇතුලත රට ආර්ථිකව සම්පුර්නයෙන් කඩා වැටෙනවා.
Reply : 0 0
නිමලා Sunday, 12 April 2020 05:05 PM
කට වහගෙන යන්න ආයුබෝවන්, අපට දැනෙන විදියට රජය කලයුතු දේ හරියට කරනවා. මෙයයි සජිතුයි නිකන් පුස් වෙඩි තියනවා.
Reply : 0 0
කෝලිත Sunday, 12 April 2020 05:18 PM
අoතරේ ඉදන් ආපු කෙනෙක් නැද්ද එතන හොයාගන්න ....?
Reply : 0 0
රුක්මාල් Sunday, 12 April 2020 07:18 PM
පලාත් සභා , ප්‍රාදේශීය සභා චන්ද කල් යනකොට වගක්වත් නෑ 3% ට....
Reply : 0 0
nimal Sunday, 12 April 2020 08:35 PM
anura sahodaraya kiyana kathawa hari. mehema yanna be.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd