දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබමට බණ්ඩාරවෙල මහේස්ත්රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22දා) නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූයේ දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග අංක5 යටතේ තරග කල මාතර මැදපාර හිත්තැටිය ප්රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය මාකන්ද ප්රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47);යන දෙදෙනාය.
මොවුන් දෙදෙනා ඊයේ (21) දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ තරගයට ඉදිරිපත් වී තරග වදිමින් සිටියදී මොවුන්ගේ මෝටර් රථ දෙක හදිසි අනතුරකට ලක්වීමෙන් අවුරුදු 8 ක කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ .
මින් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .
මෙම ෆොක්ස්හිල් මෝටර්රථ අනතුරින් තුවාල ලැබු මෙම තරගකරුවන් දෙදෙනාද දැනට දියතලාව මූලික රෝහලේ පොලිස් නිලධාරීන් ගේ ආරක්ශාව යටතේ නේවාසිකව ප්රතිකාර ලබමින් පසුවෙන අතර , බණ්ඩාරවෙල මහේස්ත්රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22) දහවල් දියතලාව මූලික රෝහලට පැමිණ තරගකරුවන් දෙදෙනා නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි රෝහලේ වාට්ටුවට ගොස් පරික්ෂා කර බලා සැකකාර තරගකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළහ .
ප්රසාද් රුක්මාල්