ෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව CCC සිට CC දක්වා ශ්‍රී ලංකාව පහත දමා තිබේ.
ශ්‍රී ලංකාවට ඉදිරියේදි ගෙවීමට ඇති ඉහළ විදේශ ණය ගෙවීම් හා සීමිත මූල්‍ය ගලාඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බව ෆිච් රේටින්ග් ආයතනය පවසයි. මේ අනුව ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාව ණය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීමට සම්භාවිතාවක් ඇති බවද එම ආයතනය පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තුවූවාටත් වැඩි වේගයෙකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය පහළ ගොස් ඇතැයි එම ආයතනය පවසයි.