ළමා නිවාස ගත ළමයින්ගේ සංඛ්‍යාව ඉකුත් මාර්තු මාසයේ සිට (දස වසරක කාල සීමාවක් තුළ)ළමයින් සංඛ්‍යාව 3353 කින් අඩු වී ඇත.
පරිවාසක හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2014 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා දත්ත පරීක්ෂ කිරීමේ දී මේ බව අනාවරණය වී ඇති බව 17-08 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර ඇත.
පරිවාසක හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2014 වර්ෂායේ දී දිවයින පුරා ශාඛා 38 ක රැඳී සිටි ළමයින් සංඛ්‍යාව 12,610 ක් වූ අතර එම නිවාස වල සිටි ළමයින් සංඛ්‍යාව 2023 වර්ෂයේ දෙසැම්බර් වන විට 9258 ක් දක්වා අඩුව ඇත.
මේ අතර ළමයින්ට එරෙහිව බරපතල ලිංගික අපයෝජන 605 ක් 2023 දෙසැම්බර් අවසන් වන විට සිදු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන්වේ.
ළමා ආරක්ෂනය ක්‍රියාත්මක කිරීමේ කමිටුවක් 2024 වර්ෂයේ ජූලි මාසයේ පත් කර ගන්නා ලද අතර ළමා නිවාසය ළමයින් අවම වීම සහ පෝෂණ අවශ්‍යතා පිළිබඳ වාර්තාවක් 2023 සැප්තැම්බර් මස පැවති එම රැස්වීමකදී සියලු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා කොමසාරිස්වරුන්ගෙන් කැඳවා තිබුණු බව එම විගණන වාර්තාවේ සඳහන්වේ.
චන්දන සමරවික්‍රම