2023 ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 12,580ක් ලෙස සමස්ත නඩු 20,075ක් පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එමෙන්ම මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන පැමිණිලි 2,751ක් ලැබී ඇති බවත් අනාවරණය විය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2021දී පැමිණිලි 11,187ක්, 2022දී පැමිණිලි 10,497ක්, 2023දී පැමිණිලි 9436ක් සහ 2024 අප්‍රේල් 30 වැනිදා වන විට පැමිණිලි 2,571ක් ලෙස 2021 සිට 2024 අප්‍රේල් 31 වැනිදා දක්වා ළමා අපයෝජන පැමිණිලි 33,871ක් ලැබී ඇති බවද මෙහිදී අනාවරණය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ(14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නයකට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සභාගත කළ පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.
මේ අතර 2018 වසරේ සිට 2022 වසර දක්වා ගැහැණු දරුවන් 6587ක් සහ පිරිමි දරුවන් 1694ක් ළමා අපචාර හේතුවෙන් ලිංගික හිංසනයට ලක්ව ඇති බවද මෙම පිළිතුරේ සඳහන් කර තිබේ.